අපි ඝෘණ ධන කරන්න රැකියා නොදී සිටියේ නෑ

අපි ඝෘණ ධන කරන්න රැකියා නොදී සිටියේ නෑ


ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ රට තුළ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිගම මුදුගමුව තල්ගස්වල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි. මේ සඳහා රු. ලක්ෂ 98 ක පමණ මුදලක් වෙන්කර ඇති බවත්, මීට අමතරව දෙණියාය ප්‍රදේශයේ අතුරු මාර්ග 15 ක් පමණ අළුතින් කැපීම සහ සංවර්ධනය කිරීමටද මහින්ද යාපා අබේවර්ධන මහතා මූලිකත්වය ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.


පටු මාර්ග වෙනුවට පුළුල් මාර්ග, ගල් ඇතිරූ මාර්ග වෙනුවට කාපට් ඇතිරූ මාර්ග පිළිබඳව බලාපොරොත්තු සහගතව ජීවත්වීමට ජනාධිපතිතුමා විසින් රටේ ජනතාවට අවස්ථාව උදාකර දී තිබේ. කුඩා රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කර ඇති නිසා ශ්‍රී ලංකාව වෙනත් රටවල අවධානයට ලක් වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.


අමාත්‍යවරයා සඳහන් කරන්නේ රජයේ සැලැස්ම ලබන වසර වන විට මහාමාර්ග සියල්ල තනා අවසන් කිරීම වන බවත් විරුද්ධ පක්ෂයේ ඇතැමුන් මේ සියල්ල අඩපණ කිරීමට උත්සාහ දරන බවයි. රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අසාර්ථක කළ විට තමන්ට ජයගත හැකිය යන අදහසින් සංවර්ධනයට අකුල් හෙළීම නිශ්ඵල කාර්යයක් යන්න අමාත්‍යවරයා අවධාරණය කළා.


එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා,


"රටේ සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් කිරීමට රජයේ සේවකයන් ප්‍රමාණය ලක්ෂ 06 ක් දක්වා අඩු කිරීමට ඇතැමුන් යෝජනා කළත් අදවන විට රාජ්‍ය සේවකයන් ලක්ෂ 14 දක්වා වර්ධනය වී තිබේ. උපාධිධාරීන් 55,000 ක් පමණ අළුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජයට හැකි වේ. එක් අංශයක් පමණක් නොව රටේ සියළුම අංශ සංවර්ධනය කිරීමට හැකිවීම දැවැන්ත ජයග්‍රහණයකි.


විවිධ බලවේග හමුවේ රට ආරක්ෂා කරන, ජනතා විශ්වාසය කඩ නොකරන නායකත්වයක් ලැබෙන්නේ කලාතුරකිනි. එම නායකත්වය යටතේ ඉතිහාසයේ නොමැකෙන සංවර්ධන ව්‍යාපෘති වලට දායකවීමට අපටද හැකියාව ලැබී තිබේ. ජනතා අවශ්‍යතා වෙනුවෙන් කැපවෙන ජනාධිපතිතුවරයාට ආශිර්වාද කරමින් ගමේ සංවර්ධනයට ගම්වාසීන්ගේ සහයෝගය ලබාදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා."


මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් යාපා අබේවර්ධන මහතා ද සහභාගී විය.



Post a Comment