වන අලි පහරින් පුද්ගලයෙකු මරුට

වන අලි පහරින් පුද්ගලයෙකු මරුට


ගල්ගමුව ,ඉහළගමදි වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු අද (28) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.




මරණකරු වයස අවුරුදු 48 ක් වු හෙරත් මුදියන්සේලාගේ හීන්බණ්ඩා නැමැති ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු ඊයේ (27) රාත්‍රීයේදි මාළු ඇල්ලිම සදහා බිම් පොකුණ වැවට ගොස් මාළු අල්ලා නැවත උදෑසන නිවසට පැමිණෙන අවස්ථාවේදි මෙම වන අලි ප‍්‍රහාරයකට ලක් වි ඇත. ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Post a Comment