රට හුදකලා කරන්න කුමණ්ත්‍රනයක්!

රට හුදකලා කරන්න කුමණ්ත්‍රනයක්!


පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මෙරට පැවැත්වීම වැළැක්වීමට හා රාජ්‍ය නායකයන්ගේ පැමිණීම වැළැක්වීමට ඩයස්පෝරාව ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් උත්සහ කරන බව දෙමටගොඩ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිටිගල විජිත හිමියන් පවසයි.




ශ්‍රී ලංකාව හුදකලා රටක් බවට පත් කිරීමට කුමන්ත්‍රණකරුවන් සැමවිටම උත්සාහ දරන බවත් මේ සඳහා විදේශීය මාධ්‍ය ඔස්සේ පහත් වැඩසටහන් ප්‍රචාර කිරීම ආරම්භ කර ඇති බවත් හිමියන් පවසයි.


බුදු දහමේ පෙන්වා ඇති රාජ්‍ය සංකල්ප අනුව රට පාලනය කරමින් රටට සාමය උදාකර ඇති රාජ්‍ය නායකයා ඇතුළු සියලු රටවැසියන් මෙන්ම ආරක්ෂක අංශවල නායකයන්ද බෞද්ධ සාරධර්මයන්ගෙන් පෝෂණය වූ පරපුරකින් පැවැත එන පිරිසක් බවද පිටිගල විජිත හිමියෝ වැඩි දුරටත් පෙන්වා දුන්නා.


බෞද්ධ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ලාංකීය ජනතාව සියලු ජාතින් සමඟ සහජීවනයෙන් කටයුතු කරන සාමකාමි පිරිසක් වන බවත් හිමියන් අවධාරණය කළා. එමෙන්ම සිංහල ජාතිය කිසිදු ජාතියකට අයත් කාන්තාවන් දූෂ්‍ය කරන ඝාතනය කරන පිරිසක් නොවන බවත් ආරක්ෂක අංශවල සේවය කරන නිලධාරින් ද මේ උසස් සාරධර්මයන්ගෙන් යුක්ත බව ද උන්වහන්සේ සඳහන් කළා.



Post a Comment