රු.ලක්‍ෂ 20 කට මහනුවර විෂ්ණු දේවාලයට අයත් පොල් ඉඩමක් බදු දෙන්න හදලා

රු.ලක්‍ෂ 20 කට මහනුවර විෂ්ණු දේවාලයට අයත් පොල් ඉඩමක් බදු දෙන්න හදලා


මහනුවර විෂ්ණු දේවාලයට අයත් පොල් ඉඩමක් දිර්ඝ කාලීන බදු වශයෙන් ලබා දෙන පවසා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් වංචා කළ සැකකරුවන් තිදෙනෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




එම අත්අඩංගුවට ගත් තිදෙනා 26 වනදා මහනුවර වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් දස ලක්‍ෂයක් බැඟින් ශරීර ඇප නියම කර තිබේ. කුරුණැගල ප‍්‍රදේශයේ ඉංජිනේරුවරුයෙක් විසින් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. එම ඉංජිනේරුවා විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්‍ෂ 20 ක් බැර කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ පරික්‍ෂණවලින් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් රුපියල් 250,000/- මුදලක් ද ලබා ගෙන රිසිට්පතක් ද නිකුත් කර තිබෙන බවට ද හෙළි වී තිබේ. ඒ සඳහා වු කරුණා සම්බන්ධයෙන් බස්නායක නිලමේවරයාගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහනුවර අධීකරණය නියෝග කර තිබේ. මෙම නඩුව ලබන පෙබරවාරි මස 21 වනදා දක්වා කල් තබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.



Post a Comment