හම්බන්තොට ලඳු කැළැවක පුද්ගලයෙකු මරා පුළුස්සා දාලා

හම්බන්තොට ලඳු කැළැවක පුද්ගලයෙකු මරා පුළුස්සා දාලා


හම්බන්තොට පැරණි කතරගම සිරිබෝපුර ප‍්‍රදේශයේ ලඳු කැළැවක යාබඳව පුද්ගලයෙකු මරා පුළුස්සා දමා ගොස් තිබේ.




සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය විසින් පරික්‍ෂණවලින් හෙළි වී තිබෙන්නේ සිද්ධියෙන් මිය ගොස් තිබෙන්නේ කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 ක් වු සඳුන් ලහිරු ජයරත්න නැමැති අයයි.


මිය ගිය පුද්ගලයා හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන ගිය වෛද්‍ය රසායනාගාරයක රසායනාගාර නිලධාරීයෙකු වශයෙන් සේවය කර තිබේ. මෙම තරුණයා විවාහ වීමට ඉදිමිත්ත ප‍්‍රදේශයේ තරුණියක් ඇසුර කර ගෙන තිබේ. මෙම තරුණයා ඇයගේ සොහොයුරියගේ ස්වාමීපුරුෂයා හා තවත් අයෙකු සමඟ දින කිහිපයකට පෙර ගැටුමක් ඇති වී තිබේ. ඉන් පසුව තරුණයා දින කිහිපයකට උඩ දී අතුරුදන් වී තිබේ. ඒ සම්බන්ධයෙන් මෙම තරුණයාගේ පියා විසින් හම්බන්තොට පොලිසියේ පැමිණිල්ල කර තිබේ.


එම පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ තම පුතා අතුරුදහන් වු බවත් ඔහුව මරා දමන බවට පෙම්වතියගේ අක්කාගේ සැමියා විසින් කිප දිනක් තර්ජනය කළ බවයි. ඒ අනුව සිද්ධියට සම්බන්ධයෙන් සැක කළ සැකකරු ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිසියට භාර දී තිබේ.



Post a Comment