එජාප අර්බුදයට තිත තියන්න

එජාප අර්බුදයට තිත තියන්න


එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය විසදා ගැනිමට දැන් කාලය එළඹි ඇති බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත හිමියන් පවසයි.




උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ එක්සත් භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙකු අස්ගිරි මහා විහාරයට ගොස් නාහිමියන් බැහැදුටු අවස්ථාවේදිය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,කරු ජයසුරිය පක්ෂය දිනන මාවතකට යොමු කිරිම සදහා සාකච්ඡා වට පැවැත්වුවද ,කිසිදු විසදුමකින් තොරව අවසානයේදි එම සාකච්ඡා වට කල් දමන් බවයි.පක්ෂය ජයග්‍රාහි මාවතකට යොමු කිරිම සදහා එතරම් අවශ්‍ය වන්නේ නම් පක්ෂ නායකයන් විසින් පවත්වනු ලබන සාකච්ඡා කල් දැමිමක් සිදු වන්නේ ඇයි යනුවෙන් උන්වහන්සේ මෙහිදි ප්‍රශ්න කර සිටියා.


රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,කරු ජයසුරිය යන තිදෙනාටම පක්ෂය ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියන කරුණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදි ඇති බවත්,නමුත් ඒ කිසිවක් ඔවුන් ක්‍රියාත්මක නොකිරිම කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ මෙහිදි පෙන්වා දුන්නා.දේශපාලන පක්ෂවල නායකයන් පත් කිරිම මහා සංඝරත්නයට අයත් කාර්‍යක් නොවන බවත් අප සෑම අවස්ථාවේදිම කළ යුත්තේ රට යහ මගට ගැනිමට කටයුතු කරන නියෝජිතයන්ට නිසි මග පෙන්විම බවද උන්වහන්සේ මෙහිදි අවධාරණය කර සිටියා.



Post a Comment