බස්නාහිර පළාතේ සියළු උපාධි ධාරීන්ට රැකියා දෙනවා

බස්නාහිර පළාතේ සියළු උපාධි ධාරීන්ට රැකියා දෙනවා


බස්නාහිර පළාතේ උපාධි ධාරින් සියළු දෙනාටම පළාත් රාජ්‍ය සේවාවේ රැකියා ලබා දිමට අප කටයුතු කර ඇති බව ,බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය, ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරුවරුන් තුන්සීය හත් දෙනෙකුට පත් වීමේ ප‍්‍රධානය කිරීමේ අවස්ථාවකට එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන වර්ෂයේ මාර්තු මාසය වන විට ඇති වන පුරප්පාඩු ගණනය කරමින් ,ඒ අයට පුහුණුවිම් ලබා දෙන කාලයත් ගණනය කරමින් සියලුම අයට පත්විම් ලබා දෙන බවයි. එසේම ගුරු විභාගය අසමත්වු 2500 පමණ ප්‍රමාණයක් සිටින බවත්,ඒ අයට පළාත් රාජ්‍ය සේවාවට පැමිණිමට ලකුණු මට්ටම අනුව කළමණාකරන සේවාවට අනුව පත්විම ලබා දි ඇති බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.එය ලබාදි අවසන් වන විට 2011 වර්ෂය වන විට බස්නාහිර පළාතේ උපාධි ධාරින් සියළු දෙනාටම පළාත් රාජ්‍ය සේවාවේ රැකියා ලබා දිමට අප කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දුන්නා.



Post a Comment