ගුරුවරුන්ගේ හැසිරීම දරුවන්ගේ චර්යාවන්ට බලපානවා

ගුරුවරුන්ගේ හැසිරීම දරුවන්ගේ චර්යාවන්ට බලපානවා


ගුරුවරයෙකුගේ හැසිරීම ,ක්‍රියාකලාපය,කතාබහා ඇඳුම මේ හැම දෙයක්ම දරුවෙකුගේ පරමාදර්ශයට බලපාන බව කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.




උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පැවැති උත්සවයකට එක් වෙමින්. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ,හික්මීම ,නිසි වේලාවට වැඩ කටයුතු කිරිම, පිරිසිදු බව ,සිල්වත් බව, සදාචාර සම්පන්න බව මේ සියල්ලක්ම කෙරෙහි ගුරුවරයෙකු විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. ගුරුවරයෙක් යනු මේ සමාජයට වටින කෙනෙකු බවත්,ඔහු හෝ ඇය තමන්ගේ චරිතයට හානි වන ලෙස හැසිරිම සුදුසු නොවන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.



Post a Comment