තාක්ෂණයේ දියුණුවට මම කැමති

තාක්ෂණයේ දියුණුවට මම කැමති


තොරතුරු තාක්ෂණයේ දියුණුවට තමන් විරුද්ධ නැති බව ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.




ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (25) දේවි බාලිකා විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ Face book සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවලදි සිදු කල ප්‍රකාශයන් යම් අය එයට තමන් විරුද්ධ බව හගවමින් ප්‍රකාශ කල බවයි. 2005 වර්ෂයේ පරිඝණක තාක්ෂණය අපට ලැබෙන විට, සාක්ෂරතාවය 04% බවත් දැන් එය 40% දක්වා වර්ධනයවි ඇති අතර ඉදිරියේදි 75% වර්ධනය කිරිමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. තොරතුරු තාක්ෂණයට තමන් විරුද්ධ නැති බවත්,"නැණසල " ගමට රැගෙන ගොස් එය ජනතාවට ලබා දිමට කටයුතු කල බවද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර සිටියා. නමුත් තොරතුරු තාක්ෂණ තුළදි දරුවන්ට සිදුවිය හැකි විපත් බහුල නිසා දරුවන් ඒ තුළින් වළක්වා ගැනිම වැඩිහිටියන් සියළු දෙනාගේම වගකිමක් බවද ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර සිටියා.



Post a Comment