බාල පුතා පියාගේ ගෙල කපලා

බාල පුතා පියාගේ ගෙල කපලා


මාවරල, මාකදුර ප‍්‍රදේශයේ ඊයේ (29) පස්වරු 1 ට පමණ නිවසක තියුණු ආයුධයකින් පුද්ගලයෙකුගේ ගෙල කපා බරපතල තුවාල සිදු කර තිබේ.




තුවාලකරුව මාතර රෝහලට ඇතුලත් කිරීමට පෙර මිය ගොස් තිබේ. මාවරල පොලිසිය පොලිසිය සඳහන් කලේ මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 62 ක්වූ මාකදුර ප‍්‍රදේශයේ පදිංචි හේවාපතිරණගේ ජුලියස් බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ පරික්‍ෂණවලින් හෙළි වී තිබෙන්නේ නිවසේ කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මරණකරුගේ බාල පුතා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබේ. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (29) මාතර රෝහලේදී පවත්වා මෘත ශරීරය බිරිදට බාරදී තිබේ. ඝාතනය සිදු කළ සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මාවරල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment