අනියම් ඇසුර දුර ගිහින් අයෙකු මරුට

අනියම් ඇසුර දුර ගිහින් අයෙකු මරුට


අනියම් ඇසුරක් සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් හේතුවෙන් පිහියකින් කපා උල් යකඩ ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.




මස්කෙළිය, ක්වින්ස්ලන්ඞ් කොටස, බ‍්‍රවුන්ස් වික් වත්ත ප‍්‍රදේශයේදී අද (28) අලූයම 1 පමණ පුද්ගලයන් තිදෙනෙකු තුවාල වී වැටී සිටින බවට මස්කෙලිය පොලිසියට තොරතුරු ලැබී ඇති අතර පසුව සිදුකල පරික්ෂණ වලදි මෙම තොරතුරු අනාවරනය කරගෙන තිබේ. සිද්ධිය වූ ස්ථානයේ වැටී සිටි පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනෙකු දික්ඔය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් තුවාලකරුවෙකු සහ තුවාලකාරිය වැඩිදුර ප‍්‍රථිකාර සදහා නාවලපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ. ප‍්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 38ක්වූ අරවන්ඩි මරදවිරන් නැමැත්තා මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයා ක්වින්ස්ලන්ඞ් කොටස, බ‍්‍රවුන්ස්වික් වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.


පශ්චාත් මරණ පරීෂණය අද දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශනය කිරීෙමීදී මරණකරු විවාහක පුද්ගලයකු වන අතර එක් තුවාලකාරියක සමග මරණකරු අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බවට පොලිස් පරික්‍ෂණවලින් අනාවරණ වි තිබේ. එම තුවාලකාරියගේ පියා ඇතුළු ඥාතීන් මරණකරු සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් පිහියකින් කපා උල් යකඩ ආයුධයකින් ඇන මෙම අපරාධය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව මරණකරුගේ බිරිද බවට හෙලිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර සැකකරුවන් අද දින හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment