අපේ කන්‍යාභාවය සෙවීමට හකීම්ට අයිතියක් නෑ

අපේ කන්‍යාභාවය සෙවීමට හකීම්ට අයිතියක් නෑ


බොදු බල සේනා සංවිධානයේ කන්‍යාභාවය සෙවීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට අයිතියට නැති බව බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.




උන්වහන්සේ මේ බව පවසා සිටියේ පෙරේදා රවුෆ් හකිම් මහතා විසින් හලාල් සම්බන්ධයෙන් විවෘත සංවාදයක් අවශ්‍ය බව කළ ප‍්‍රකාශයට පිළිතුරු වශයෙනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු උන්වහන්සේ පවසා සිටියේ හලාල් ප‍්‍රශ්ණය නැවත මතු වීමට හේතු වුයේ උලමා සංවිධානයත් ශ‍්‍රි ලංකා වාණිජ මණ්ඩලයක් පොරොන්දු වු එම ක‍්‍රියාදාමය කඩ කිරීම නිසා බවයි.


උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කිරීම තම සංගමයේ වගකීමක් බවයි. තව ද හලාල් ලාංඡුනය පාරිභෝගීක භාණ්ඩවලින් ඉවත් කරන තුරු මේ සටන රට ජාතිය වෙනුවෙන් කළ යුතු බව ද උන්වහන්සේ පවසා සිටියා. තව ද මේ රට ජාතිය ගැන හකීම්ගෙන් පාඩම් අවශ්‍ය නැති බවත් ඔහුට වඩා හොඳ අවබෝධයක් කම සංගමයට තියෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.



Post a Comment