රටවල් 54 අතරින් ලංකාවේ කොඩිය තියෙන්නේ උඩ

රටවල් 54 අතරින් ලංකාවේ කොඩිය තියෙන්නේ උඩ


ශ්‍රී ලංකාවේ පැවැත්විමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා රටවල් 54ම සහභාගි වන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (27)මාතර පැවති උත්සවයකදිය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,රටවල් 54ක කොඩි අතරේ ශ්‍රී ලංකා ධජය ඉහළින්ම පවතින බවයි. එය අපේ රට උදාකරගත් භාග්‍යක් බවත්,ලෝක දේශපාලන සිතියමේ වැදගත් රාජ්‍යක් බවට අප පත්වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා. මීට වර්ෂ ගණනාවකට පෙර ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යක් ලෙස හංවඩු ගැසීමට ඇතැම් පිරිස් උත්සහ දැරුවද දැන් ශ්‍රී ලංකාව සමත් රාජ්‍යක් බවට පත්වෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා. ජලය ,විදුලිය යනු ජනතාවගේ අවශ්‍යතා බවත් ඒවා දේශපාලන පොරොන්දු වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.


2005 වර්ෂයේ පවුල් 07%-08% අතර ප්‍රමාණයකට විදුලිය පැවතුණ අතර භූමිතෙල් ලාම්පු ,කුප්පි ලාම්පු සංස්කෘතිය වත්මන් රජය අහවර කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා. 2016 වන විට මෙරටේ හැම ගෙදරකටම පානිය ජලය ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා. ලෝකයේ සමහර රටවල පානීය ජලය හේතුකොටගෙන විශාල ගැටළු පැන නැගි ඇති බවත්,ලෝක ජනගහණය බිලියන 07න් එක් බිලියනයක් ජලය නිසා ඉදිරියේදි යුද්ධයකට නැඹුරුවීමේ ඉඩ කඩ පවතින බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා.



Post a Comment