හොඳ දැනගෙන නරක අතහරින්න


මේ රටේ පිටරට තියෙන හොඳත් තියෙනවා නරකත් තියෙනවා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙ බව පැවසුවෙ අද (27) කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීයි.




එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජනාධිපතිවරයා පවසා සිටියේ බොහෝ දෙනා පිටරට ගියාම තමන්ගේ රට පාවාදීලා කතා කරන බවත් ‍ඒ රටේ තියෙන ඒවා අපේ රටේ නැතැයි කියන බවයි.


එසේ නමුත් අපේ රටේ “ජනතාව දැනගන්න ඕන හොඳ දැනගෙන නරක අතහරින්න” බව ජනාධිපතිවරයා පවසා සිටියා.


අනතුරුව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද නැගුණු මෝටර් රථය ජනාධිපතිවරයා විසින්ම පදවමින් පෑලියගොඩ පිවිසුමේ සිට කටුනායකට ගොස්, යළි ජා ඇල පිවිසුම දක්වා මෝටර් රථය ධාවනය කර ජා ඇල නගර සභා පිටියේ සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් පවසා සිටියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය වූ කලී අඩසියවසක ආසන්න කාලයක් තිස්සේ ජනතාවගේ තිබූ බලාපොරොත්තුවක් ලෙස පෙන්වාදිය හැකි බවයි.


ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම මාර්ගය ලංකාවට එන - යන, සම්බන්ධකම් පවත්වන, ලොව පුරා ජනතාවගේ පවා අවධානයට ලක්ව තිබූ මාර්ගයක් බවයි.


කටුනායක අයෝජන කලාපයට, විදේශිකයින්ට, සංචාරකයින්ට මේ පාරෙන් ගොඩාක් ප්‍රයෝජන බව ද ජනාධිපතිවරයා පවසා සිටියා . තව ද එම තත්ත්වය පොදුරද සමුළුවට එන අයට ඔවුන්ගේ දෑස්වලින් මෙරට තත්ත්වය දැක බලාගන්න පුළුවන් බව ද කියා සිටියා.


රටක් සංස්කෘතික වශයෙන් කෙතරම් දියුණු වුණත්, සංවර්ධන කටයුතු කළත් විදේශිකයින් රටක දියුණුව ගැන කතා කරන්නේ මහාමාර්ගවලින් බවද ජනාධිපතිවරයා කියා සිටියා.


ජනාධිපතිවරයා පවසා සිටියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් සිය ර‍ජයේ කාර්යක්ෂමතාව, අභියෝග භාර ගැනීමේ හැකියාව නැවත වාරයක් ලෝකයට පෙන්නා ඇති බවයි.


Colombo Katunayake Expressway opening 6



Post a Comment