6 න් එකකට Stroke

6 න් එකකට Stroke


ශ්‍රි ලංකාවේ සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු ආඝාතයට ගොදුරුවිමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එමෙන්ම ආඝාධයට පත්වු පුද්ගලයන්ගෙන් 1/3ක් මරණයට පත්වන බවද එම අමාත්‍යාංශය පවසයි.




තවත් 1/3ක් මරණයට පත්වන බවත්,තවත් 1/3ක්ආබාධිත තත්වයට පත්වන බවද,ඉතිරි 1/3ක් වැඩපල කරගැනිමට හැකිවන පරිදි සුවපත්වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.අඝාත වලින් 80%ක් පමණ වළක්වා ගැනිමට හැකියාව පවතින අතරම,දැනට ශ්‍රි ලංකාවේ දිනකට පුද්ගලයින් 40ක් ආඝාධය නිසා ජිවිතක්ෂයට පත්වේ.එමෙන්ම ශ්‍රි ලංකාවේ රෝග නිසා සිදුවන මරණවලින් තුන්වන ස්ථානයද හිමි වන්නේ ආඝාතයට බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.ලෝක ආඝාත දිනය අද දිනට යෙදි තිබිම හේතු කොටගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සදහන් කරයි.එමෙන්ම ලෝක ආඝාත දිනය නිමිත්තෙන් අද රාගම ශික්ෂණ රෝහලේ නව ආඝාත ප්‍රතිකාර ඒකකයක්ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.එම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආඝාතය වැනි රෝග තත්වයන් සම්බන්ධයෙන් දැනට වඩා මහ ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවයි.



Post a Comment