බියගම කර්මාන්ත ශාලාවක ගින්නක්

බියගම කර්මාන්ත ශාලාවක ගින්නක්


බියගම අයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක අද දහවල් ගින්නක් හට ගෙන තිබේ.




සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කලේ එම කර්මාන්ත ශාලවේ ඇති වු ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි. තව ද ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ එම කර්මාන්ත ශාලාව මීට වසර 02 කට පෙර වසා දමා තිබු එකක් බවයි.


එම කාර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීම සඳහා අද දින වීවෘත කර තිබේ. පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ කර්මාන්ත ශාලාවේ අලූත් වැඩියා කටයුත්තක් කිරීමට යාමේදී යකඩ පැස්සීමේදී මෙම ගින්න ඇති වී ඇති බවයි.



Post a Comment