ගර්භණි මව්වරුන් 12කට HIV

ගර්භණි මව්වරුන් 12කට HIV


2013 වර්ෂයේදි එච්.අයි.වි ශරිර ගතවි ඇති පුද්ගල සංඛ්‍යාව 169 දක්වා වර්ධනයවි ඇති බව,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.




අප කල විමසිමකදි ඔහු මේ බව ප්‍රකාශ කලා.2012 වර්ෂයට සාපේක්ෂව ගත් කල 2013 වර්ෂයේදි HIV ශරිරගත විම වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.2013 වර්ෂයේ මුල් කාර්තුවේදි HIV රෝගින් 69 දෙනෙකු වාර්තාවි ඇති බවද ඒ මහතා කියා සිටියා.අනාරක්ෂිත ලිංගික සබදතා නිසා 95% පමණ ඒඩ්ස් බෝවිමේ අවධානමක් පවතින බවත් වයස් භේදයකින් තොරව ඒඩ්ස් රෝගින් මේ වන විට වාර්තාවි ඇති බවද ඒ මහතා අප කල විමසිමේදි සදහන් කර සිටියා.HIV ආසාධිතයන් දැනට 4200පමණ ඇස්තමේන්තු කර ඇති අතර එයින් HIV ආසාධිතයන් 1808 දැනට හදුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.මේ කාර්තුව තුළදි HIV ආසාධිත ගර්භණි මව්වරුන් 12 දෙනෙකු පමණ සොයා ගෙන ඇති බවයි වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Post a Comment