ප‍්‍රසන්න අධිකාරි පිළිතුරු දෙයි

ප‍්‍රසන්න අධිකාරි පිළිතුරු දෙයි


වයඹ පළාත් සභා ලේකම් මහ ඇමැති මාධ්‍ය ලේකම්ට යට වෙයි යන පුවත සම්බන්ධයෙන් වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මාධ්‍ය ලේකම් ප‍්‍රසන්න අධිකාරි ලක් පුවත් වෙත අදහස් දක්වා සිටියා.




ප‍්‍රසන්න අධිකාරි මහතා සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වා සිටියේ මාධ්‍යවේදීන් හට එසේ කිසිදු අපහසුතාවයක් සිදු නොවු බවයි. සභා වාරය ආරම්භයේදී පුවත්පත් මාධ්‍යවේදීයෙකුට හා රූපවාහිනි නාලිකාවක මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ නම් සඳහන් කර නොමැති නමුත් එය රැස්වීම ආරම්භ වීමට පෙර නිරාකරණය කර ගැනීමට හැකි වු බව ඔහු අප වෙත පවසා සිටියා. එම රැස්වීමට සහභාගී වීමේදී මාධ්‍යවේදීන් හට එසේ කිසිදු අපහසුතාවයක් නොවු බවත් එය සම්පුර්ණ අසත්‍ය බව ද ඔහු අප වෙත පවසා සිටියා.



Post a Comment