කරවල මිලදී ගන්නේ බලාගෙනයි


පිටකොටුව වෙළඳපොළෙන් කරවල මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.


වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගැනුණු මිනිස් පරිභොජනයට නුසුදුසු කරවල තොගයෙන් කරවල පෙට්ටි 45 ක් පිටකොටුව වෙළඳපොළට ප්‍රවාහනය කර ඇති බවට සැකකෙරෙන බව එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසයි.


එම පෙට්ටි තුළ කරවල කිලෝ ග්‍රෑම් දහසක් තිබී ඇති අතර ඒවා සොයා පාරිභොගික අධිකාරියේ නිළධාරීන් විමර්ශන සිදුකරන බව සභාපතිවරයා කියයි.


පරිභොජනයට නුසුදුසු කරවල කන්ටේනර් 2 ක් පාරිභොගික අධිකාරියේ නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයාගනු ලැබුවේය.


රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුතු හුරුල්ලා, බලයා සහ කට්ටා කරවල තොගයක් එහි තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.


එම කරවල තොගය පිටකොටුව ප්‍රදේශයේ කරවල තොග අලෙවි කරන්නෙකුට අයත් බවට අනාවරණය වී ඇති බව එම අධිකාරිය පැවසීය.



Post a Comment