යේමනයේ ගැටුම් - ලාංකිකයින් තිදෙනෙකු ආරක්ෂිතව ජිබුටි වෙත!


යේමනයේ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු නිරුපද්‍රිතව ජිබූටි වෙත රැගෙන විත් තිබේ.


විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ඉන්දුනීසියානු යාත්‍රාවක් මඟින් අදාළ පිරිස රැගෙන විත් ඇති බවයි.


තවත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ජිබුටි වෙත රැගෙන එමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


යේමනයේ හටගෙන ඇති ගැටුම්කාරි තත්ත්වයට මැදිවු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිම සඳහා රජය චීන ඇතුළු රටවල් කිහිපයක සහයෝගයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.



Post a Comment