තමිල්නාඩු සරණාගත කඳවුරේදී ලාංකිකයෙක් මරලා


තමිල්නාඩු සරණාගත කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ඝාතනය කර තිබේ.


තමිල්නාඩු, පුලියම්පති කඳවුරක රැඳී සිටි අදාළ ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.


ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මළසිරුර සරණාගත කඳවුරේ ඔහු පදිංචිව සිටි නිවසේ තිබි සොයාගෙන තිබේ.


අදාළ පුද්ගලයා අසල්වැසි කාන්තාවක් සමඟ නිරන්තරයෙන් ආරවුල් ඇතිකර ගනිමින් සිට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර එම කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට පොලිසිය සැක පළ කරයි.



Post a Comment