ඔයට පැන සිසුවිය මැරිලා


උඩපුස්සැල්ලාව, කොල්ඇල්පිටිය ඔයට පැන සිසුවියක් සියදිවි හානි කරගෙන තිබේ.


අදාළ සිසුවිය ඊයේ පස්වරුවේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 14 හැවිරිදි උඩපුස්සැල්ලාව, කොල්ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.


ඇය සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් උඩපුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment