ඉන්දීය ධීවරයින්ට අ‍ෙප් සීමාවේ මසුන් ඇල්ලීමට ඉඩ නෑ


ධීවර පනත කඩිනමින් සංශෝධනය කර ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට ඉඩ දී ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


උතුරේ දේශපාලන නියෝජිතයින් සහ ධීවර සංගම් නියෝජිතයින් සමඟ එම ජනතාවගේ ධීවර ගැටළු පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකචඡාවක් පැවැත්වුණි.


එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ ධීවර ගැටලුව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු අතර විදේශ, ආරක්ෂක සහ ධීවර අමාත්‍යංශ මේ සඳහා සම්බන්ධිකරණයක් ඇතිකර ගතයුතු බවයි.


මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වුවන්ට ඉඩම් ලබාදීම සහ නැවත පදිංචි කරවිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.


එහිදී අදාළ ඉඩම් හඳුනා ගැනීමේදී වන ඝනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment