සමහරවිට ගෝඨාභයත් අත්අඩංගුවට ගත හැකියි



ඇවන්ගාඩ් සිද්ධියට අදාළව සමහරවිට වරදකරු බවට කරුණු තහවුරු වුවහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අත්අඩංගුවට ගතයුතුව ඇති බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති විධායක සභාවේදී සාකච්ඡා කෙරුණු බව කරුණාරත්න මහතා සඳහන් කළේය.


ඇවන්ගාඩ් ආයතනය ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වූයේ කෙසේද එහි මුදල් පරිහරණය වූයේ කුමන ආකාරයෙන්ද යන්න ගැටළු සහගත බව ඔහු පෙන්වාදුන්නේය.


මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන්ද සමන්විත වන පරිදි මෙවැනි ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැඟුවේ කුමන අවසරයක් යටතේද යන්න පවා පැහැදිලි නොවන බව වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment