සජින් වාස් අද ඇවිත්


ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබේ.


විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙසට ඔහුට දැනුම්දීමක් කර තිබුණි.


ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබූ බව සඳහන්ය.


ඒ අනූව ඒ මහතා අද අල්ලස් කොමිසමට පැමිණ ඇත.



Post a Comment