අගමැතිටත් නොතීසි!


එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.


එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්.


එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අත්තනායක මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණ.


ඒ අනූව එම පෙත්සම විනිසුරු බුවනෙක අළුවිහාරේ, ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න යන විනිසුරුවන් ඉදිරියේ ලබන 19 වැනිදාට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර ඇත.


එසේම එදිනට උසාවිය හමුවේ පෙනී සිටින්නැයි එජාප නායකයාටත් කත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින්ටත් නොතීසි නිකුත් කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.



Post a Comment