මොහාන්ගේ විදෙස් ගමන් වළක්වන්න බෑ


හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.


අදාළ පෙත්සම නීතීඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබුණි.


පෙත්සම්කරු මෙහිදී සඳහන් කර තිබුණේ මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ලබාදුන් නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදුවී ඇති බවයි.


මේ පිළිබඳව තමන් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නිසා එම පැමිණිල්ලේ විමර්ශන අවසන් වනතුරු මොහාන් පීරිස් මහතාගේ විදේශ ගමන් තහනම් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.


කෙසේ වෙතත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා ඊට විරෝධතා ගොනු කරමින් සඳහන් කළේ අල්ලස් කොමිසම හමුවේ ගොනුකළ නඩුවක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.


ඒ පිළිබඳව බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවද රජයේ නීතීඥවරයා මෙහිදී පෙන්වාදී ඇත.


එම තර්කය පිළිගත් අභියාචනාධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment