සජින් අල්ලස් කොමිසමට අද නොඑයි


ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.


අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ පැමිණීමට නොහැකි බව මන්ත්‍රීවරයා විසින් දැනුම්දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.


ඒ අනුව ඔහු හෙට දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන බවට දැනුම්දීමක් සිදුකර තිබේ.



Post a Comment