මහබැංකු අධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක්



මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ‍එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර,ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවකදී සිදුවීයයි කියනු ලබන අක්‍රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා අද(11) මෙම පැමිණිල්ල සිදුකළ බව සඳහන්ය.


ඉකුත් පෙබරවාරි මස 25 වන දින බැඳුම්කර නිකුත් කිරීමට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව විසින් පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධියට පත්කර තිබුණු අතර මෙම නිකුතුවෙන් මිලියන 5000 ක්ම ලබාගනු ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන්ට අයත් පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනය මගින්වීම මෙම චෝදනාව එල්ලවීමට හේතුවී තිබේ.


කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද කමිටුවක් පත් කර ඇත.



Post a Comment