වල්ලපට්ටා පන්නන්න බැරිවෙයි


වල්ලපට්ටා තොගයක් නීති විරෝධිව ශ‍්‍රී ලංකාවෙන් බැහැරට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.


අදාල වල්ලපට්ටා තොගය ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබී සොයාගෙන ඇත.


රුපියල් ලක්‍ෂ 30 ක පමණ වටිනාකමින් යුත් මෙම වල්ලපට්ටා තොගයේ බර කිලෝග‍්‍රෑම් 04 යි දශම 6 ක් පමණ බව රේගු ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.



Post a Comment