මීටියාගොඩ පොලීසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම්


මීටියාගොඩ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයකු‍ෙග් ‍හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.


මීටියාගොඩ, හන්දිය ප්‍රදේශයේ කුරුඳුතෙල් මඩුවක් අසළදී පසුගිය 1 වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ බිරිඳ මියගොස් තිබිණ.


මෙම අපරාධය සිදුවීමටත් පෙර අදාළ ව්‍යාපාරිකයා‍ෙග් පුතෙකු විසින් මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.


එම පැමිණිල්ල නිසියාකාරව විභාග නොකළැයි චෝදනා මත අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


සුනිල් ශාන්ත මල්ලියාවඩු හා ප්‍රියංගනී මහදුර යන ව්‍යාපාරික යුවළ පසුගිය පළවැනිදා සවස එසේ ඝාතනයට ලක්විය.



Post a Comment