ඉන්දියානුවන් පිරිසක් පිටුවහල්


සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියාවල නිරත වූ ඉන්දිය ජාතිකයින් පිරිසක් රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


මතුගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතිකයින් 74 දෙනෙකු මෙලෙස පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා වේ.


සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ අදාළ කර්මාන්ත ශාලාවේ ඉන්දීය ජාතිකයින් පිරිසක් සේවය කරන බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණි.


ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ ආගමන විගමන නිලධාරීන් අදාළ ඉන්දීය ජාතිකයින් 74 දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර සිය භාරයට ගෙන ඇත.


එම පිරිස අසාදු ලේඛන ගතකොට රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Post a Comment