පරිප්පු වලට යටවී මිය ගිය තරුණයාගේ සිරුර හමුවෙයි


කැලණිය, පට්ටිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරින් අතුරුදන්වී සිටි 24 හැවිරිදි තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.


පරිප්පු පියලි කරන කර්මාන්ත ශාලාවක පෙරේදා රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණි.


පරිප්පු ගබඩා කර ඇති අඩි අනූවක් පමණ උසැති කුළුණක් කඩා වැටී එහි තිබූ පරිප්පු තොගයට යටවීමෙන් ඔහු අතුරුදන්ව සිටි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.


අද අලුයම එම පුද්ගලයාගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව රුවන් ගුණසේකර මහතා පැවසීය.



Post a Comment