ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට!


ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටය සඳහා ප්‍රථම වතාවට පිවිසීමේ අවස්ථාව උදාකර ගැනීමට මීට ටික වේලාවකට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.


ඒ අනූව 1992 වසරේ සිට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් තරඟ සඳහා ප්‍රවේශවීමේ අභාග්‍යයෙන් පෙළුණු අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම ලෙස විරුධාවලිය ලබා සිටි දකුණු අප්‍රිකානුවන් අද ශ්‍රී ලංකාව හමුවේ ලබා ගැනීමට සමත් වූයේ විශිෂ්ට ජයග්‍රහණයකි.


එනම් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 37.2දී ලකුණු 133ට සීමා කර එම ඉලක්කය පන්දුවාර 18දී එක් කඩුල්ලක් පමණක් දැවී හඹා යමිනි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 45ක්, ලහිරු තිරිමාන්න ලකුණු 41ක් ලබා ගැනීම හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු අතරට එමින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අභියෝගාත්මක ලකුණු පුවරුවක් ‍ෙගාඩනැඟීමට දායක නොවීම පරාජයට මුල්විණ.


පිළිතුරු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ක්වින්ටන් ද කොක් නොදැවී වේගවත් ලකුණු 78ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට වැඩි වශයෙන් දායක විය.


ඒ අනූව 2011 වසරේදීත් 2007 වසරේදීත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අනුශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර අර්ධ අවසන් පූර්ව වටයෙන්ම ඉවත්වීමට සිදුව තිබේ.


එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට තවත් වේදනාත්මක සිද්ධියක් වන්නේ මෙම තරඟයත් සමග ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ට ගණයේ පිතිකරුවන් දෙදෙනෙකු වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා පොත් අලුත් කළ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සමුගැනීමය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය මෙන්ම ඔවුන් දෙදෙනාගේ සමුගැනීම ද ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට සංවේගජනක පුවතක් වනු ඇත.


මන්ද යත් ඔවුන් දෙදෙනා මෙය සිය අවසාන එක්දින තරඟාවලිය ලෙස මීට පෙර ප්‍රකාශ කර තිබීම නිසාය.



Post a Comment