කොටස්‍ වෙළඳපොල ගැන හොයන්න රනිල් තේරීම් කාරක සභාවක් ඉල්ලයි


2010 න් පසුව ‍කොළඹ කොටස් වෙළඳපලේ සිදුවීයයි කියනු ලබන අයථා ගනුදෙනු ගැනසෙවීමට තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය වී තිබේ.


එබැවින් එවැනි තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්ට තම යෝජනාව බාරදී ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.


කෙසේ වෙතත් මෙම යෝජනාප්‍රකාරව තේරීම්කාරක සභාවක් පත්කරනු ලබන්නේද නැද්ද යන වග හා අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරන්නේදැයි යන්න පිළිබඳ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇති බව සඳහන්ය.



Post a Comment