ශ්‍රී ලංකාවෙන් ස්කොට්ලන්තයට 364ක ඉලක්කයක්


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම මීට ටික වේලාවකට පෙර කඩුලු 9ට ලකුණු 363ක්ව තිබියදී අවසන් විය.


මෙම තරඟයේදී වාර්තා පිට වාර්තා තැබූ කුමාර් සංගක්කාර ලකුණු 124ක් හා තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104ක් ලබා ගන්නා ලදී.


සංගක්කාර අද ලබාගත් ශතකයත් සමගින් එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ පිට පිට ශතක 4ක් ලබාගත් ලොව පළමු පිතිකරුවා බවට ඔහු පත්විය.


ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පහත පරිදිය.


ලහිරු තිරිමාන්න ලකුණු 04යි.


තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104යි.


කුමාර් සංගක්කාර ලකුණු 124යි.


මහේල ජයවර්ධන ලකුණු 02යි.


ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51යි.


කුසල් ජනිත් පෙරේරා ලකුණු 24යි.


තිසර පෙරේරා ලකුණු 07යි.


සීකුගේ ප්‍රසන්න ලකුණු 03යි.


ලසිත් මාලිංග ලකුණු 01යි.


නුවන් කුලසේකර නොදැවී ලකුණු 18යි.


දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 12යි.


පන්දු යැවිමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ ජෝස් ඩේඩේ පන්දුවාර 8ට ලකුණු 63ක්දී කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.


මෙහිදී 6 වැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 43.6 අවසන පිටියෙන් ඉවත්වීමත් සමග සෙසු පිතිකරුවන්ට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් ලබාගත් ප්‍රහාරාත්මක වේගය රඳවා ගැනීමට නොහැකි විණ.


අග පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවීයාමත් සමග ලකුණු 400ක් වැනි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට යාමට තිබූ ඉඩ ඇවරිණ.



Post a Comment