ශ්‍රී ලංකාවට අතදෙන්න අපි සූදානම්



ත්‍රීකුණාමලය ප්‍රදේශයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කරනු සඳහා සහය ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 380 ක මුදලක් ප්‍රදානය කරන බවද හෙතෙම කියා සිටියි.


ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයේදී මැතිඇමතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය පිරිස් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.



Post a Comment