මත්කුඩු ළඟ තබාගත් කොළොන්නාවේ පදිංචිකරුට මරණ දඬුවම


හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කර තිබේ.


මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙම නියෝගය දී ඇත.


හෙරොයින් ග්‍රෑම් 8 යි දශම 9ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත 2008 වසරේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.


සිද්ධියට අදාළව පැවැත්වුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරිය ඔහුට මරණ දඬුවම නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.


නඩුවේ තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කර ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ද මත්ද්‍රව්‍ය හේතුවෙන් අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බවයි.


දඬුවම් නියම කෙරුණු මෙම විත්තිකරු ලංකාවේ සිටින එකම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නොවන බව සඳහන් කළ විනිසුරුවරිය සැඟවී සිටින සෙසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද නීතිය හමුවට රැගෙන ඒම ඉතා වැදගත් බව අවධාරණය කර ඇත.



Post a Comment