ෆොන්සේකාගේ බෑණාත් රහස් පොලීසියේ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.


අද පෙරවරුවෙ එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.


අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදුන් බව එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ධනුන තිලකරත්න කියා සිටියේය.


සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධුරය දැරූ සමයේ අවි මිල දී ගැනීමේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ධනුන තිලකරත්නට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.



Post a Comment