ඡන්දයකට යාමට එජාප කෘත්‍යාධිකාරිය තීන්දුකරයි


අප්‍රේල් මස 23 වැනිදායින් පසු මහමැතිවරණයකට යාමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.


ඉකුත් ජනපති මැතිවරණ සමයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් දින 100 වැඩපිළිවෙළක් යෝජනා කළ අතර එම යෝජනාවලියට අනූව අප්‍රේල් මස 23දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතව ඇතැයි සඳහන්ය.


ඒ අනූව මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුවට අනූව මහමැතිවරණයකට යාමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


මැතිවරණ ක්‍රමය වෙනස් කර ඉදිරි මැතිවරණයකට යායුතු බවටද කතිකාවක් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දක්නට තිබේ.


එසේම මැතිවරණයක් පවත්වා ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ කතා බහක්ද එසේම දක්නට ඇත.


ජනතා විමුක්ති පෙරමුණ ද දින 100 පොරොන්දුවට අනූව අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා යුතු බවට දිගින් දිගටම අවධාරණය කරමින් සිටියි.



Post a Comment