හිටපු නි .ඇමති සරණ ගුණවර්ධන සී.අයි.ඩී දැලේ



හිටපු නියෝජ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්,සැකකාර මන්ත්‍රීවරයා අද සවස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment