බදියුදීන්ගේ අමාත්‍යංශයට කඩා පැන්නයි ‍චෝදනා ලත් බොදු‍‍බලේ 6ට ඇප


අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ අමාත්‍යංශයට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී අයුරින් හැසුරුණු බවට චෝදනා එල්ලවී ඇති බොදු බලසේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ 06 නමක් ඇපමත මුදාහැර තිබේ.


කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.


අධිකරණය මඟින් නිකුත් කළ නොතීසියකට අනුව අදාළ භික්ෂුන් වහන්සේ 06 නම අද අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.


එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.


කෙසේ වෙතත් සැකකාර භික්ෂූන් වහන්සේ ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.


ඒ අනුව අදාළ ඉල්ලිම සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා භික්ෂුන් වහන්සේ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියම කර ඇති බව සඳහන්ය.


නඩුව යළි කැඳවීම ජුනි මස 04 වනදා දිනට කල් දැමු අධිකරණය එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇත.



Post a Comment