ඉන්දීය විදේශ ඇමතිවරිය එයි

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඇය දිවයිනට පැමිණියාය.


ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.


ඉන්දීය විදේශ ඇමතිවරිය මෙම සංචාරයේදී අගමැතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.


ඉන්දීය අග්‍රමාත්‍යවරයා ලබන 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර එම සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර උතුරේ සංචාරය කිරීමට ද නියමිතව තිබේ.



Post a Comment