මහින්ද කාන්දමක් - කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නෑ


“ලැම්බෝ ගිනි හතර වටේ ත‍ියෙනවා කිවුවා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා ‍සීසෙල්ස් වල හැදුවා කිව්වා, එහෙනම් ඔප්පු තිරප්පු ගෙනල්ලා පෙන්නන්න” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා කියයි.


දවසින් දවස මඩ අවලාද වැඩිවන බව මන්ත්‍රීවරයා අද පස්වරුවේ මහනුවර දී පැවැති ජනරැළියේදී කියා සිටියේය.


මහින්ද රාජපක්ෂ මහතා මීළඟ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙසට නම්කරන්නැයි බලකරමින් මෙම රැළිය පැවැත්විණ.


උතුරේ ජනාධිපති මන්දිරය ජනසතු කරන බව කියන බවත්, රජය සතු දෙයක් ජනතාවට අයිති නිසා එය අමුතුවෙන් ජනසතු කළ යුතු නැති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.


අද උතුරු පළාත් සභාව වෙනදාට නැති යෝජනා සම්මත කරගන්නා බවත්, එහි සිදුවන්නේ

බටහිර අධිරාජ්‍යවාදීන්ට ඕන වෙනස බවත්, ඔහු කීවේය.


මෙය අනිත් පැත්තට පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්, ඒ මහතා පැවසීය.


‍ෙම් නිසා ජාතිය දිනවන්න මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment