යහපාලනය මේකනම් රටට දෙයියන්ගේම පිහිටයි



පොලිස්පති-නීතිපති ආදීන් විසින් කිවයුතු දේවල් අද දේශපාලනඥයින් විසින් කියමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අහවල් අය අත්අඩංගුවට ගන්නා බවත්, අහවල් අය රිමාන්ඩ් කරන බවත්, තව තව අය දින 2න් අත්අඩංගුවට ගන්නා බවටත් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව හෙතෙම කියා සිටියි.


'යහ පාලනය යනු මෙම තත්ත්වය නම් මේ රටට දෙයියන්ගේම පිහිට' යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද (12) මිහින්තලේ රජමහාවිහාරස්ථානයේ පුද පූජා කටයුතුවල නිරතවී ඉන් ඉක්බිතිව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


මේවන විට රටේ සියලුම සංවර්ධන කටයුතු නතරවී ඇති බවත්,එම කටයුතුවල නිරතවූ ඉංජිනේරුවරුන්/කම්කරුවන් ආදීන්‍ රැකියා ඉඩප්‍රස්ථා නොමැතිව දහස් ගණනින් අසරණවී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය.


පෝට්සිටි වැනි ව්‍යාපෘතියක් තවත් අවුරුදු 200 ටවත් සෑදිය නොහැකි බවත්,එම ව්‍යාපෘතිය නැවැත්වීම තුළ රට තව වසර 200න් ආපස්සට යන බවත් ඔහු සඳහන් කළේය.


රටේ පාලකයා වෙනස් කළ යුතු නම් එය ජනතාව විසින් තම අභිමතය පරිදි ඡන්දයෙන් ඉටුකරනු ඇති බවත්, එහෙත් රටක සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගමන්කළ යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment