සරණ 23 තෙක් රිමාන්ඩ්


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


අත්තනගල්ල අති‍ෙර්ක මහේස්ත්‍රාත් සාවින්ද්‍යා නානායක්කාර මෙනවිය විසින් එම නියෝගය නිකුත් කර ඇත.


ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගැනිණ.


ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර සැකකාර මන්ත්‍රීවරයා අද සවස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙන්නෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බව රහස් පොලීසිය උසාවියට දැන්වූ බවද අප වාර්තාකරු කීවේය.



Post a Comment