ජලයට වස මිශ්‍රවී සිසුන් 26 ක් ‍රෝහලේ



ජලයට වස මිශ්‍රවීමෙන් හදිසියේ රෝගාතුරු වූ සිසුන් 26 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරතිබේ.

පලාලි,අර්ලාලෙයි ශ්‍රී මුරුගන් මහාවිද්‍යාලයේ ජල ටැංකියට වස මිශ්‍රවීමෙන් එම විද්‍යාලයේ සිසුන් ‍පිරිසක් මෙලෙස රෝගාතුරුවී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.


එම ජල ටැංකියේ තිබී කුඩා වස බෝතලයක්ද හමුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.


සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන නමුත් සිසුන් තිදෙනෙකු සිහිමඳ තත්ත්වයක් පෙන්නුම් කරන බව කියැවෙයි.



Post a Comment