අල්ලස් කොමිසමට හෙට සිට පොලීසියෙන් 16ක්


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පවත්නා නිලධාරී හිඟයට පිළියමක් ලෙස හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.


වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනූව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් 9ක් හා උප පොලිස් පරීක්ෂකවරුන් 6ක් එසේ අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බවයි.


අල්ලස් කොමිසමට මෑතකදී ලැබුණු පැමිණිලි ගැන විමර්ශනය කිරීමේදී නිලධාරී හිඟයක් ඇති බව දිගින් දිගටම අනාවරණය විය.


මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා මොවුන් ඒ සඳහා අනුයුක්ත කර ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසීය.



Post a Comment