මහා පරිමාණ හොර මත්පැන් ජාවාරමක් හෙළිවෙයි

තංගල්ල, මොරකැටියාර ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලිසිය විසින් ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 60,000ක ප්‍රමාණයක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.


සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment