ලංවිම වැටුප් වැඩිකිරීම ගැන ඉදිරිපත් කළ තොරතුරු නිවැරදියි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අයථා වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් අනාවරණය කරනු ලැබූ කරුණු සම්පූර්ණයෙන්ම නිරවැදි බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊට අදාළ ලියකියවිලි තමන් සතුව පවතින බව ඔහු සඳහන් කළේය.


ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අයථා වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත්, මේ හේතුවෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පසුගියදා පැවසීය.


ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් තමන් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.


කෙසේ වෙතත් තමා අමාත්‍ය ධූරයට පත්වීමට පෙර අමාත්‍යංශය තුළ ඇතැම් පිරිස් විසින් අත්තනෝමතිකව සිය වැටුප් වැඩිකර ගැනීම සඳහා කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරන බව ඔහු සඳහන් කර තිබුණි.



Post a Comment